විමල්ගේ සභාපතිත්වයෙන් නව සන්ධානයක්..! ප්‍රධාන දේශපාලන පක්ෂ 7ක් එක්වෙයි - (VIDEO)

Report

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ එකමුතුව විසින් ගොඩනගන නව සන්ධානය එළිදැක්වීමේ සමාරම්භක උළෙල මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්වෙනවා.

එය ප්‍රශ්න වෙනුවට උත්තර ලබාදෙන” උත්තර ලංකා සභාගය” ලෙසයි ඔවුන් නම් කර ඇත්තේ. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරුණා.

එහි අනුශාසක ධුරය අතුරලියේ රතන හිමි දරන අතර සභාපතිත්වය දරන්නේ විමල් විරවංශ මහතායි ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල යන මහත්වරුන් මේ සඳහා ආරාධිතයින් ලෙස එක්ව සිටියා.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW