ආයේ ඇමරිකාවට ගිහිනුත් ඉවරයි වගේ - ඉබෝලා වෛරසය නිසා සංක්‍රමණ සීමා
ඉබෝලා වෛරස් රෝගය (EVD) අප්‍රිකානු රටවල් කිහිපයක වේගයෙන් පැතිර යාමත් සමඟ එක්සත් ජනපද රජය සංක්‍රමණ සීමා තාවකාලිකව දැඩි කර ඇති බව වාර්තා වේ. මිනිසුන්ට සහ සතුන්ටද බරපතල රෝගාබාධ ඇති කළ හැකි මෙම මාරාන්තික වෛරසය විශේෂයෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය වැනි රටවල පැතිරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කර තිබේ.
නව තත්ත්වය අනුව, පසුගිය දින 21 තුළ මෙම රටවලට ගොස් සිටින හරිත කාඩ්පත් හිමියන් ඇතුළු එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන්ට රටට ඇතුළුවීම තාවකාලිකව සීමා කර ඇති බව වාර්තා වේ.
මීට පෙර, එක්සත් ජනපද පුරවැසියන්, ජාතිකයන් සහ හරිත කාඩ්පත් හිමියන් මෙම සීමාවෙන් නිදහස් කර තිබුණද, නව තීරණය යටතේ එම ප්‍රතිපත්තිය තාවකාලිකව වෙනස් කර ඇති බව සඳහන් වේ. රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පෙන්වා දෙන්නේ, ඉබෝලා වෛරසය රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙම පියවර අවශ්‍ය බවත්, මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහ හදිසි ප්‍රතිචාර හැකියාව අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම අරමුණ බවත්ය.
එක්සත් ජනපද මහජන සෞඛ්‍ය පනතේ 42 වැනි වගන්තිය යටතේ CDC මැයි 18 වැනිදා නිකුත් කළ නියෝගයකින් බෝවන රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංක්‍රමණ සීමා ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන්ට බලය ලබාදී ඇති බවද සඳහන් වේ.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ද දුර්ලභ බුන්ඩිබුජියෝ ඉබෝලා වෛරස් වර්ගය ජාතික වසංගතයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, එය ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙසද ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.