අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයටත් හානි
By Ashfa
ඉරානයේ නිරිතදිග බූෂෙහ්ර් පළාතට එල්ල වූ ඇමරිකානු ප්‍රහාර අතරතුර, එරට බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයේ පර්යන්තයට (පරිශ්‍රයට) ප්‍රක්ෂේපණ පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
දේශපාලන, ආරක්ෂක සහ සමාජ කටයුතු පිළිබඳ බූෂෙහ්ර්හි නියෝජ්‍ය ආණ්ඩුකාර එහ්සාන් ජහනියන් නිල පුවත් ඒජන්සියක් වන IRNA වෙත පවසා සිටියේ, මෙම ප්‍රහාරවලින් දකුණු දිග පළාතේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ඇති බවයි.
ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්
"අද පස්වරුවේ ඉලක්ක කරන ලද ස්ථාන අතර බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය, චොගඩක් මිලිටරි කඳවුර සහ පළාතේ දකුණු දෙසින් පිහිටි ධීවර තොටුපළක් ද වෙනවා," යැයි ජහනියන් පවසා සිටියේය.
බ්‍රහස්පතින්දා දිනයේ මුල් භාගයේදී එල්ල වූ තවත් අමෙරිකානු ප්‍රහාරයකින් අසලුයේහි පිහිටි තොටුපළක් ඉලක්ක වූ බවත්, එමඟින් ප්‍රදේශවාසීන්ට අයත් ධීවර බෝට්ටු ගිනිගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.