වෙනිසියුලාවේ ඉන්ධන නෞකාවක් අමෙරිකානු හමුදා භාරයට
වෙනිසියුලාවට අයත් විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගෙන ඇත.
ඒ වගේම අමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් අමෙරිකානු හමුදා සාමාජිකයන් එම නෞකාවට ගොඩ බසින ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව විදෙස් වාර්තාවල සදහන් වේ.
වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදි එම ඉන්ධන නෞකාව අමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ඒ වගේම ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට අයත් දැවැන්ත ඉන්ධන නෞකාවක් අත්පත් කරගෙන තිබෙන බව මාධ්‍ය හමුවේ සදහන් කර තිබේ.
එය අත්පත් කර ගැනීමට නිසි හේතුවක් දක්වා නොමැත.
නමුත් විදේශීය ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කරන නීතිවිරෝධී තෙල් නැව් ජාලයකට සම්බන්ධවීම නිසා එම ඉන්ධන නෞකාවට වසර ගණනක් තිස්සේ සම්බාධක පනවා තිබූ බව එක්සත් ජනපද නීතිපතිවරයා සදහන් කර තිබේ.