ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් කළ ඉල්ලීම..

Report

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ගාසා තීරයේ දින 3ක සටන් විරාමයක් සඳහා එකඟ වන ලෙසයි.

ඒ හරහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳ ගනුදෙනුවකට අවතීර්ණ විය හැකි බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

ඊශ්‍රායලය ගාසා තීරය වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

එම ප්‍රහාර වලින් මියගොස් ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 10,000කට අධිකය.

1400 කට අධික පිරිසක් ඊශ්‍රායලයේ ද මිය ගියහ.

ගැටුම් හේතුවෙන් වාර්තා වන ළමා මරණ සංඛ්‍යාව, 4104 කි.