ජනපති පුත්‍රයෙක් වැරදි 09ක් කරලා කියලා පිළිගෙන.. මේ කාලෙම.. කවුද කියලා ඇහුවොත් පුදුම හිතෙයි..
එල්ල වූ චෝදනාවලට අදාළව ලොවම පුදුම කරමින්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් වරද පිළිගෙන තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බවයි.
ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා 9ටම වැරදිකරු බව පිළිගත් බව වාර්තා වේ.
ඒ අනුව, හන්ටර් බයිඩන් ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, දඬුවම් නියම කිරීමේ දී ඔහු වරද පිළිගැනීමත් විශේෂිතව සලකා බැලීමට ඉඩ ඇති බව සඳහන් ය.