මධ්‍යම රාත්‍රියේ සිට ට්‍රම්ප්ගෙන් 50%ක අමතර තීරුබද්දක් - ඩොලරයට ඩොලරය පළිගන්න බවට කැනඩාව සපථ කරයි

Report

මේ සතියේ මුල් භාගයේදී කැනඩාව සහ අමෙරිකාව අතර එකඟ වී තිබූ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැනඩාව අසමත් වීමත් සමඟ කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක අමතර තීරුබදු මධ්‍යම රාත්‍රියේ සිට පැනවීමට අමෙරිකාව තීරණය කර ඇත.

ඒ අනුව අද(22) දින අලුයම එක්සත් ජනපදය ඩොලර් බිලියන 20 ක් වටිනා කැනේඩියානු නිෂ්පාදන සඳහා මෙම 50% ක තීරුබදු පනවා ඇත.

ඒ අනුව මෙම ඓතිහාසික මිත්‍ර පාක්ෂිකයින් අතර පවතින නොසන්සුන් සබඳතාවල අවසාන අදියරේ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව, වහාම පළිගන්නා බවට කැනඩාව මඟින් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආනයන බදු, හොකී පිතිවල සිට දිව අවපීඩක දක්වා නිෂ්පාදන ඇතුළුව, කැනඩාව සෑම වසරකම එක්සත් ජනපදයට නැව්ගත කරන මුදලින් 5% ක් පමණ වනු ඇති බව සඳහන්.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මේ අතර කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ,

"අපගේ සේවකයින් සහ ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා කැනඩාව එම තීරුබදු ඩොලරයට ඩොලරයට සමාන කරනු ඇත," යනුවෙන්.

කෙසේ වෙතත් මෙම පළිගැනීම වෙළඳ ගැටුම උග්‍ර කරන අතර රටවල් තුනේම කර්මාන්තයට තීරණාත්මක වන එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව අතර උතුරු ඇමරිකානු වෙළඳ ගිවිසුමක අනාගතය ප්‍රශ්න කරයි.

එසේම වානේ, ඇලුමිනියම්, මෝටර් රථ සහ දැව සඳහා ට්‍රම්ප් පැනවූ තීරුබදු සඳහා කැනඩාව සහන ඉල්ලා සිටි අතර, එම තීරුබදු එක්සත් ජනපදය ලබා දීමට අකමැති වූ බව ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත.

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

රුපියල හමුවේ ඩොලරය තවත් අඩපණ වෙයි- අද ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම මිල ගණන් මෙන්න

රුපියල හමුවේ ඩොලරය තවත් අඩපණ වෙයි- අද ප්‍රධාන බැංකුවල ඩොලරයේ අලුත්ම මිල ගණන් මෙන්න