ඇමරිකා සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අද (14) වැදගත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් එක්සත් ජනපද තානාපති ගරු ජූලි චුන්ග් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් අත්සන් කළ අතර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ආරම්භක දේශන පැවැත්වීය.
මෙම ගිවිසුම මගින් මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය 13 සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අතර ඒකාබද්ධ පුහුණුව, ආපදා ප්‍රතිචාර, සමුද්‍රීය ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ මානුෂීය ආධාර යන අංශවල සහයෝගීතාව ශක්තිමත් කරයි.