ඇමරිකා තානාපතියගේ සහතිකය.

Report

මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් අවධාරණය කරන්නේ මෙරට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය දැඩි බලාපොරොත්තුවකින් පසු වන බවයි.

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ඇය එහි දී වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ස්ථාවරත්වය අත්කර ගත යුත්තේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කැප කිරීමෙන් නොවන බවයි.

ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිනි ජුලි චන්ග්,

"අප විශ්වාස කරනවා සාමය විවිධ ආකාරවලින් අත්කරගත හැකි බව. ආර්ථික සංවර්ධනයේ අවස්ථාවන් සඳහා ප්‍රජාවන් එක්සත් ව කටයුතු කිරීම එවැනි එක් ආකාරයක්. අද රටේ නායකයන්ට මම කියා සිටින්නේ, මේ රටේ තරුණ පෙළ පිළිගැනීමකට ලක්කොට රටේ අනාගතය ලෙස සවිබල ගැන්වීම සඳහා අප ඔබ දිරිගන්වන බව. අපි සියලු දෙනා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහගත වෙමු. ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවරත්වය, නවෝත්පාදන ගොඩනැංවීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම ගැන අපේක්ෂා සහගත වෙමු. දූෂණයට එරෙහි ව ක්‍රමානුකූල වෙනසක් ඇති කරමු. මොකද ස්ථාවරත්වය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අගයන් කැප කර ලබා ගත යුත්තක් නොවන නිසා එය සාමකාමී විරෝධතාවක්, කලා නිර්මාණයක් මඟින් අදහස් පළ කිරීමක් හෝ සමාජ මාධ්‍ය අදහස් දැක්වීමක් විය හැකියි. අද මම ඔබට ප්‍රතිඥාවක් ලබා දෙනවා, සාමය පිළිබඳ අඛණ්ඩ විශ්වාසයක් තබන අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අනාගතය, සාමය සහ එක්සත්භාවය උදෙසා ඔබ සමඟ කටයුතු කරන බවට."