වැසිකිලියක් තුළ පොල්තෙල් ගබඩා කරලා - වෙළඳසැල් හිමිකරුවකුට දඩ
වෙළඳසැලේ වැසිකිළියක පොල්තෙල් ගබඩාකර තිබූ පානදුර කෙසෙල්වත්ත ගාලුපාරේ සිල්ලර වෙළදසැල් හිමියෙකුට රුපියල් 6000ක දඩමුදලක් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් රසාංජලී පෙරේරා මහත්මිය නියම කළාය.
සිද්ධියට අදාල සැකකරු පානදුර ප්‍රාදේශීය සභාවේ කෙසෙල්වත්ත උප කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල පෙරේරා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් එලෙස දඩ මුදලන් නියම කළා. සිද්ධි සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණුු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, මෙම වෙළදසැලේ වැසිකිලිය තුල ප්ලාස්ටික් කෑන් දෙකක බහා තිබූ පොල්තෙල් ලීටර් 40 ක් සොයාගෙන තිබූ බවයි.
වැසිකිළිය තුල තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ භාරයට ගත් පොල්තෙල් තොගය විනාශ කරන ලෙසද මහේස්ත්‍රාත් වරිය වැඩිදුරටත් නියෝග කළා.වැසිකිලියක් තුළ පොල්තෙල් ගබඩා කර වෙළඳසැල් හිමිකරුවකුට දඩ වෙළඳසැලේ වැසිකිළිය පොල්තෙල් ගබඩාකර තිබූ පානදුර කෙසෙල්වත්ත ගාලුපාරේ සිල්ලර වෙළදසැල් හිමියෙකුට රුපියල් 6000ක දඩමුදලක් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් රසාංජලී පෙරේරා මහත්මිය නියම කළා.
සිද්ධියට අදාල සැකකරු පානදුර ප්‍රාදේශීය සභාවේ කෙසෙල්වත්ත උප කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල පෙරේරා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා. සිද්ධියට අදාළ සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් එලෙස දඩ මුදලන් නියම කළා.
සිද්ධි සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණුු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, මෙම වෙළදසැලේ වැසිකිලිය තුල ප්ලාස්ටික් කෑන් දෙකක බහා තිබූ පොල්තෙල් ලීටර් 40 ක් සොයාගෙන තිබූ බවයි. වැසිකිළිය තුල තිබී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ භාරයට ගත් පොල්තෙල් තොගය විනාශ කරන ලෙසද මහේස්ත්‍රාත් වරිය වැඩිදුරටත් නියෝග කළා.