ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka Politician Tiran Alles Sri Lanka Sri Lanka NGO
By krishani Aug 28, 2023 10:05 AM GMT
krishani

krishani

Report

මෙරට තුළ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට වැඩ කටයුතු කිරීමට අවසර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරිමට ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පියවර ගෙන තිබිණ.

ඒ වර්තමානයේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.

එමෙන්ම ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, ක්‍රියාකාරී සැලසුම් ලබා දී නොමැති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කැඳවීම්වලට ද සහභාගී නොවන සංවිධානවල ලියාපදිංචිය අහෝසි කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලය වෙත දන්වා යැවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා තීරණය කළේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන්  ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට රට තුළ වැඩ කටයුතු කිරීමට අවසර නොමැති බවයි.

ReeCha