ලඟදීම ඔයාගේ ජංගම දුරකථනයට වෙන්න යන දේ...දුරකථනය වහාම තහනම් කරයිද..ඇහෙන අලුත්ම ආරංචිය..

Report

ජංගම දුරකථනය කියන්නේ අපි හැමෝටම නැතිවම බැරි දෙයක්. ඒ නිසාම මේ කියන්න යන දේනම් ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.

බලන්නකෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරනවා කියලා එම කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තියෙනවා.

ඒකට හේතුව වෙන්නේ සමහර බොහෝ උපකරණ මෙරටට නීතිවිරෝධීව රැගෙන ඒම නිසා.

වාර්තා වන්නේ, ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් මේ මාසේ අවසානයේ නිකුත් කරන බව තමයි.

දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් අරගෙන ඉවරනේ අපේ ඒවත් තහනම් වෙයිද කියලා. නැහැ.

වාර්තා වෙන්නේ, එහෙම වෙන්නේ නැහැ දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් නොවන බව තමයි.   

…………………………………………………………………………