අලි දුරකථන හවුලට මොකද වෙන්නේ ..තවත් සාකච්ඡාවක් අද..
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
එම සාකච්ඡාව අද කොළඹදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය. මෙතෙක් සාකච්ඡා වට ගණනාවක් පැවති අතර, එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමින් පැවති බවද මහලේකම්වරයා පැවසීය.
ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩලවලින් අනුමැතිය හිමි වූ අතර, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පිහිටුවනු ලැබිණ.
කෙසේවෙතත් අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද මේ දක්වාත් අදාළ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ප්‍රකාශයට පත් කර නොමැත.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව තරග කළ යුතු බවට සංවාදයක් මතුවීමත් සමග දෙපාර්ශ්වය සමග මෙම සාකච්ඡා ආරම්භ වී ඇත.
ඒ අනුව අදාළ සාකච්ඡා වටයේ තුන්වන සාකච්ඡා වටය අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී සිදුවුයේ කුමක්ද.. සෙත්පතා පිරිත් සජ්ඣායනයක්ද පවත්වලා..
මෙහිදී මීට පෙර සාකච්ඡාවලදී යෝජනා වූ තීරණ පිළිබඳව පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවත් වාර්තා වේ.
සමගි ජන බලවේගයේ කණ්ඩායම අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා සමග අදාළ යෝජනා සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
You may like this video