වයස 25ට අඩු විශ්වවිද්‍යාල සිසුවින්ට වටිනා මුදල් ත්‍යාගයක්..දරුවන් බිහි කරන සිසුවියන්ට අනගි අවස්ථාවක්.

World Health Organization Education Russia
By Aruna Jan 10, 2025 07:32 AM GMT
Aruna

Aruna

Report

වයස 25 ට අඩු විශ්ව විද්‍යාල සිසුවියන්ට රූබල් 100,000 ක් පිරිනැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ රුසියාවේ කරේලියා කලාපය ජනගහන වර්ධනය වැඩි කිරීම සඳහා නවතම පියවර මාලාවක් හඳුන්වා දෙමින් වීම බවයි පැවසෙනනේ.

පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීමේ අරමුණෙන්, රුසියාව චීනය සහ ජපානය සමඟ එක්වී, කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

නව කථානායකත් ඉවත් කරයි?..ඔහුටත් පාර්ලිමේන්තුවේදී ලෙඩක් වැටෙයි.

නව කථානායකත් ඉවත් කරයි?..ඔහුටත් පාර්ලිමේන්තුවේදී ලෙඩක් වැටෙයි.


මොස්කව් ටයිම්ස් වාර්තා කරන්නේ, තරුණ කාන්තාවන් පවුල් ආරම්භ කිරීමට දිරිගැන්වීමේ උත්සාහයක් ලෙස,නිරෝගී දරුවෙකු බිහි කරන වයස අවුරුදු 25 ට අඩු ශිෂ්‍යාවන්ට රුබල් 100,000 ක සැලකිය යුතු දිරිගැන්වීමක් ලබා දෙන බවයි.

මෙම ගෙවීම සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන් දේශීය විශ්ව විද්‍යාලයක හෝ විද්‍යාලයක පූර්ණ කාලීන ශිෂ්‍යාවක් විය යුතු අතර, වයස අවුරුදු 25 ට අඩු සහ කරේලියාවේ පදිංචිකරුවෙක් විය යුතු බවයි පැවසෙන්නේ.

නමුත් මළ දරු උපතක් සිදු කරන මව්වරුන්ට මෙම ප්‍රසාද දීමනාව ලබා ගත නොහැකි බව සඳහන් වනවා.

කෙසේ වෙතත්, හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය හේතුවෙන් දරුවා මිය ගියහොත් ගෙවීම අවලංගු වේද යන්න පැහැදිළි නැති අතර,ආබාධ සහිත දරුවන් බිහි කරන තරුණ මව්වරුන් මෙම ගෙවීම සඳහා සුදුසුකම් ලබන්නේද යන්න හෝ ළමා රැකවරණය සහ පශ්චාත් ප්‍රසව සුවය ලැබීමේ වියදම් සඳහා උපකාර කිරීම සඳහා අමතර ප්‍රසාද ගෙවීම් ලැබේද යන්න නව ප්‍රතිපත්තියේ සඳහන් කර නොමැත.

වැටුප් වැඩි කිරීමක් ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි..වැඩි කළ යුතු ප්‍රමාණය මෙන්න.

වැටුප් වැඩි කිරීමක් ගැන පාර්ලිමේන්තුවේ කතා වෙයි..වැඩි කළ යුතු ප්‍රමාණය මෙන්න.


මේවනවිට රුසියාවේ උපත් අනුපාතය ඓතිහාසික අවම මට්ටමකට ළඟා වී ඇති අතර, 2024 මුල් භාගයේදී රුසියාවේ උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 599,600 ක් පමණ බවයි පැවසෙන්නේ.

රුසියානු වාර්තා සඳහන් කරන්නේ, එය වසර 25 ක් තුළ අඩුම උපත් සංඛ්‍යාව සනිටුහන් කරන අතර 2023 දී එම කාල පරිච්ඡේදයට වඩා 16,000 ක අඩුවීමක් බවයි.

මෙම තත්ත්වය රුසියාවේ අනාගතයට විනාශකාරී ලෙස බලපාන බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා ඇත.

You May Like This Video


ReeCha