මෙරට රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාලක කොටසක් එකවරම වැසෙයි - උපකුලපතිවරයා ගත් විශේෂ තීරණය මෙන්න.
By krishani
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ බව උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා සඳහන් කළේ ය.
මෙම තීරණය ගෙන ඇත්තේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ල කළ බලපෑම් හමුවේ ය.
විශ්වවිද්‍යාල සිසුන් 10කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් මෙලෙස තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව ආරංචි මාර්ග වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, මෙලෙස පංති තහනම් කර ඇත්තේ විනය විරෝධී සිද්ධියකට අදාළ සිසුන් පිරිසකගේ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ ය.