විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන්ට සුභ ආරංචියක් - සැප්තැම්බර් මාසේ මුල ආරම්භයි

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

අද (06) විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව සියලුම ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වනවිට අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් - මැයි මස 19 වන දින දක්වා

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් - මැයි මස 19 වන දින දක්වා

ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට පාඨමාලා ආරම්භ කිරීමේ නිශ්චිත දිනයන් ඒ ඒ විශ්වවිද්‍යාල වෙතින් තීරණය කිරීමට හැකි වනු ඇතැයිද ඇය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ මෙවර 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දීමටද කටයුතු කර ඇති බවයි.

ඒ අනුව, රුහුණු විශ්වවිද්‍යාලය හි භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව සඳහා සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට නියමිත අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හි ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව සඳහාද සිසුන් 50 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව 281,810ක් වන අතර, ඉන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 176,538කි. එම සිසුන් අතරින් මෙවර රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 42,937ක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

එමෙන්ම, ප්‍රථම උපාධි පාඨමාලාවන් සඳහා බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව මෙවර වැඩි නොකළද, සිසුන් සඳහා පහසුකම් වර්ධනය කරමින් වඩාත් ඵලදායී සහ ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.    

සුභ ආරංචියක් - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

සුභ ආරංචියක් - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට