විභාග නවතී. - බඳවා ගැනීම් නවතියි. - මෙරට විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි.

Ministry of Education University of Colombo University of Kelaniya Strike Sri Lanka Education
By Wayomi May 08, 2024 05:54 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ඊයේ (07) සඳහන් කළා.

ඒ, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන්.

මේ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පැවැත්වීමට නියමිත තිබූ විභාග දින නියමයක් නොමැතිව කල්දැමූ බවත් ඊට අමතරව විශ්වවිද්‍යාල රසායනාගාරවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රජයේ රෝහල්වල පරීක්‍ෂණ ඇතුළු සියලුම පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඔහු පේනවා දෙනවා.

මේ අතර පිළිකා සහ තයිරොයිඩ් ආදි හැකි ඉක්මණින් ප්‍රතිකාර කළ යුතු රෝග සම්බන්ධ පරීක්‍ෂණ විශ්වවිද්‍යාල පරීක්‍ෂණාගාර තුළ වන බවත් එවැනි දේවල් නැතර වීම එතරම් හොඳ තත්වයක් නොවන බවත් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පේනවා දෙනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සදඟා වන අත්පොත සකස් කරමින් තිබුණ ද මේ වන විට එය සකස් කිරීමේ කටයුතු ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් විට විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම ප්‍රමාද විය හැකි අතර විශ්වවිද්‍යාලවල ජලය සහ විදුලිය සැපයුම ආදි සේවාවන්වල බිඳ වැටීම තිබුණ හොත් ඒවා යථාතත්වයට පත්කිරීම්වලින් ද සේවකයන් ඉවත්ව සිටිනවා.

 ඒ, අනුව විශ්වවිද්‍යාල කාර්යාල විවෘත කිරීම ද සිදුනොවන අතරම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් සහ උප ලේකම් යන කාර්යාලයත්,ලේඛකාධිකාරී කාර්යලයත් වසා දමා තිබෙනවා.

විශ්වවිද්‍යාලවල ජලය සහ විදුලිය සැපයුම ආදි සේවාවන්වල බිඳ වැටීම තිබුණ හොත් ඒවා යථාතත්වයට පත්කිරීම්වලින් ද සේවකයන් ඉවත්ව සිටින බව කී ධම්මික එස්. ප්‍රියන්ත මහතා එම තත්වය මත විශ්වවිද්‍යාල කාර්යාල විවෘත කිරීම ද සිදුනොවන බව ද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් පිළිබඳව අද (8) තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ බවත් ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා වැඩි දුරටත් කියා සිටියා.

...............................................................

May you Like