වෙරළ තීරයක නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවේ – පොලීසිය විමර්ශන අරඹයි
By Malith Madushan
උඩප්පුව, ආඩිමුනේ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.
අද (22) දින මෙම සිරුර වෙරළට ගොඩ ගසා තිබියදී ධීවරයින් විසින් දැක ඒ පිළිබඳව උඩප්පුව පොලීසියට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් හා පුත්තලම අපරාධ ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිරුර වෙරළට ගොඩ ගැසීමේදී එයට හානි සිදුව ඇති බවත්, සිරුරේ ඇතැම් කොටස් දියවී ඇති බවත් වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි