ඕඩර් දුන්නේ පාතාලයේ ආබ්‍රේව්...ගෙන්නාගෙන තියෙන්නේ අයිස් දෙන්නම් කියලා

Report

අහුන්ගල්ලේදී 27 හැවිරිදි තරුණයකුට පෙරේදා (17 වැනිදා) රාත්‍රියේ වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඇත්තේ ඩුබායි හි සැඟවි සිටින ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක නායකයකු විසින් ලබාදී තිබූ ඝාතන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඊට පළිගැනීමක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෝ 07ක් අත්අඩංගුවට

කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලයෝ 07ක් අත්අඩංගුවට

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයා බළපිටිය රෝහලට ඇතුළත් කර සිටියි. විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඩුබායිහි සැඟ වී සිටින ‘ආබ්‍රේව්’ නමැති පාතාල නායකයාගේ නියෝග මත බවයි.

ආබ්‍රේව් නමැත්තා විසින් 27 හැවිරිදි තරුණයා වෙත තම විරුද්ධ වාදියකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබූ බවත් එම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක නොකිරීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

පෙරේදා රාත්‍රි 9.48ට පමණ මෙම 27 හැවිරිදි තරුණයාගේ ජංගම දුරකථනය වෙත යම් පුද්ගලයකු ඇමැතුමක් ලබාදී අයිස් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් කොටුවෙයි

මත්ද්‍රව්‍ය සමඟ තරුණියක් කොටුවෙයි

ඒ අනුව මෙම 27 හැවිරිදි තරුණයා ත්‍රිරෝද රථයකින් අහුංගල්ල බළපිටිය රේවත ප්‍රාථමික විiාලය අසලට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණ කුලී ඝාතකයකු 27 හැවිරිදි තරුණයාට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර පලා ගොස් ඇත.

ප්‍රහාරයෙන් තරුණයා තුවාල ලැබූ අතර ඔහු තමන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම අහුන්ගල්ල පොලිසිය වෙත ගොස් තිබේ. පසුව තුවාල ලබා සිටි තරුණයා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.