රට හොල්ලපු බන්ධනාගාර සිද්ධිය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට නිවේදනයක්

Report

මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින්. එමෙන්ම අඳාළ නිවේදනයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් රජයේ සහ මහජනතාවගේ සේවය සඳහා මෙන්ම දුෂ්කර කාර්යක් ඉටු කරන බවත් ඔවුන්ගේ අහිමිවීම දැඩි වශයෙන් දැනෙනු ඇති බවත් සඳහන් කරයි.

එසේම සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් සිටියේ රජයේ රැකවරණ සහ ආරක්ෂාව යටතේ බැවින් බන්ධනාගාර පද්ධතියට සේවය කරන නිලධාරීන් මෙන්ම එහි රඳවා සිටින අයද වඩාත් ඉහළ ආරක්ෂාවට හිමිකම් කියන බැවින් එම ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික වගකීමක් බවත් එහි දක්වා ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

එමෙන්ම මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතියට අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇති අතර නේවාසික සම්බන්ධීකාරකවරයා රැඳවියන් තදබදය, යල් පැන ගිය ක්‍රමවේදයන් සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින පහසුකම් අඩුවීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බන්ධනාගාර පද්ධතීන් හී පවතින බරපතළ අභියෝගයක් බවත් සඳහන් කර ඇත.

තවද මෙම සිදුවීම හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කිරීමට ස්වාධීන කමිටුවක් පිහිටුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන බවත් එම කමිටුවෙන් යොමු කරන නිර්දේශ රජය ක්‍රියාත්මක කළ යුතු බවත් නේවාසික සම්බන්ධීකාරකවරයා සිය නිවේදන‍යෙන් දන්වා ඇත.

එසේම බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් පහසුකම් වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීමට තාක්ෂණික සහයෝගය ඇතුළුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙන බව වාර්තා වේ.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි