එක්සත් ජාතීන්ගේ සංවිධානය දැවැන්ත මූල්‍ය අර්බුදයක - රටවල් 193 වෙත අනතුරු අඟවා ලිපි
එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, සාමාජික රටවල් නියමිත පරිදි මුදල් ගෙවීම පැහැර හැරීම නිසා සංවිධානය ඉක්මන් මූල්‍ය බිඳ වැටීමකට ලක්වීමේ අවදානමක් පවතින බවත් එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත.
ඒ අනුව මහලේකම්වරයා සාමාජික රටවල් 193 වෙත ලිපියක් යොමු කරමින් කියා ඇත්තේ, එළඹෙන ජූලි මාසය වන විට සංවිධානයේ මෙහෙයුම් සඳහා පවතින මුදල් අවසන් විය හැකි බවයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම මුදලක් ලබා දෙන අමෙරිකා එක්සත් ජනපදය, එහි නිත්‍ය අයවැය සහ සාම සාධක අයවැය වෙනුවෙන් මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 31කින් ඉවත් වීමට සහ මූල්‍ය දායකත්වය නතර කිරීමට ගත් තීරණය බව සඳහන්.
එමෙන්ම 2025 වසර අවසානය වන විට සාමාජික රටවල් ගෙවිය යුතු හිඟ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.57ක වාර්තාගත අගයක් ගෙන ඇත.
ඉන් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ අමෙරිකාව වන අතර එය ඩොලර් බිලියන 2.196ක් වශයෙන් සඳහන්.
එමෙන්ම ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් වියදම් නොවූයේ නම් ඒවා යළි සාමාජික රටවලට ලබා දිය යුතුය යන නීතිය හේතුවෙන්, නොලැබුණු මුදල් පවා ආපසු ලබා දීමට සිදුවීමෙන් සංවිධානය තවදුරටත් අසීරුවට පත්ව ඇති බව වාර්තා වේ.