අත්වැරදීමකින් පුටිං තමන්ටම බෝම්බ ගසයි - නවතම තත්ත්වය මෙන්න..

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අත්වැරදීමක් හේතුවෙන් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් විසින් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි තම රටට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

ඊයේ(20) රාත්‍රී කාලයේ, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර ඇත්තේ බෙල්ගොරොඩ් නගරයට එම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවය. එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබේ.

එරට නගර බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් එම නගර මධ්‍යයේ මීටර් 20ක පමණ පළලින් යුතු ආවාටයක් ද නිර්මාණය වී ඇති බවය.

පුද්ගලයින් 370,000ක් පමණ වෙසෙන බෙල්ගොරොඩ් නගරය යුක්‍රේන දේශසිමාවේ සිට කිලෝමීටර් 40ක පමණ දුරකින් පිහිටා ඇති අතර යුක්‍රේනය වෙත යොමු කෙරෙන රුසියානු ප්‍රහාරක ජෙට් යානාවල ගමන් මාර්ගය එම නගරය ආශ්‍රිත ගුවන් කලාපය හරහා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now