දශක ගණනාවක් විනාශකාරී ප්‍රතිඵල ගෙන දිය හැකි පොකුරු බෝම්බ ගැන රුසියාවෙන් චෝදනාවක්.
යුක්රේනය විසින් පොකුරු බෝම්බ භාවිතා කර ඇති බවට රුසියාව චෝදනා එල්ල කර තිබෙනවා.
ඒ බටහිර බෙල්ගොරොඩ් කලාපයේ රුසියානු දේශසීමාවේ පිහිටි ගම්මානයකට යුක්රේනය විසින් පොකුරු බෝම්බ එල්ල කර ඇති බවටයි.
ශුරව්ලෙව්කා නම් ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාර 21 ක් සහ පොකුරු බෝම්බ 3 ක් එල්ල කර ඇති බව රුසියාවේ බෙල්ගොරොඩ් කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, රුසියාව අනතුරු අඟවා සිටියේ යුක්රේනය පොකුරු බෝම්බ භාවිත කළහොත් තමන් ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
මේ අතර අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව භාවිතා කිරිමට ලබාදුන් පොකුරු බෝම්බ මෙහෙයුම් සඳහා යුක්රේනය යොදාගැනීම ආරම්භ කර ඇති බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩල ප්‍රකාශක ජෝන් කර්බි පසුගියදා ප්‍රකාශ කළේ ය.
එය කාර්යක්ෂමව යොදාගැනීමට යුක්‍රේනයට හැකි වී ඇති බවත් එය රුසියානු හමුදා සඳහා බලපෑමක් ඇති කරන බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.
පොකුරු බෝම්බ යනු දශක ගණනාවක් තිස්සේ විනාශකාරී ප්‍රතිඵල ගෙනදිය හැකි වූවකී.එමෙන්ම ලොව පුරා රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් මෙය තහනම් කර තිබෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් සිය මිත්‍ර රාජ්‍යයන් විරුද්ධ වූ බව අදහස් දක්වමින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ ය.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        