රුසියාවෙන් යුක්රේනයේ අගනුවරට නව දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්..

Report

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට නව දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කියෙව් අගනුවර නගරාධිපතිවරයා වන Vitaliy Klitschko සඳහන් කළේ, ඉන්ධන පිරවුම්හලක් අසල ඩ්‍රෝන සුන්බුන් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගිය ගොස්  කාන්තාවක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම රුසියාව යුක්‍රේනයේ ඉලක්ක වෙත kamikaze ඩ්‍රෝන යානා 54ක් දියත් කළ අතර ඉන් 52ක් වෙඩි තබා බිම හෙළා ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කළේ ය.

මේ අතර, ඩ්‍රෝන් කැබලි කඩා වැටීමෙන් අගනුවර විවිධ දිස්ත්‍රික්කවල උස් ගොඩනැගිලි දෙකක් ගිනිගෙන ඇති බව කියෙව් හි නගරාධිපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join