අමෙරිකාවෙන් යුක්රේනයට මිලිටරි පැකේජයක්.
ඊයේ (09) අමෙරිකාවෙන් යුක්‍රේනයට අතිරේක හමුදා ආධාර වශයෙන් ඩොලර් බිලියන 1.2 ක මිලිටරි ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම නව ආධාර පැකේජයට ගුවන් ආරක්ෂක පද්ධති, සාම්ප්‍රදායික කාලතුවක්කු සහ ප්‍රති-ඩ්‍රෝන් පතොරම්, චන්ද්‍රිකා ඡායාරූප සේවා සහ හමුදා පුහුණුව සඳහා අරමුදල් ඇතුළත් ය.
මේ අතර, යුක්‍රේනයේ කියෙව් සහ අනෙකුත් ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා රාශියක් පසුගිය සතිය තුළ එල්ල කෙරිණ.
කෙසේවෙතත්, යුද්ධය ඇති වීමත් සමග යුක්‍රේනයට ඩොලර් බිලියන 35 කට වඩා ආයුධ ගෙන ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |