පුටින් ජයග්‍රාහී පෙළපාලියට හමුදාවත් පිරිවරා රතු චතුරශ්‍රයට පැමිණෙයි.. යුක්රේනයත් එයට නොදෙවෙනිව යුරෝපීය දිනය සමරයි.. (VIDEO)

By krishani May 09, 2023 09:27 AM GMT
Report

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියට එරෙහි ජයග්‍රහණය සැමරීමට මොස්කව්හි දී වාර්ෂික හමුදා පෙළපාළියක් පැවැත් වේ.

මේ සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජයග්‍රාහී පෙළපාලිය සඳහා මොස්කව්හි රතු චතුරශ්‍රයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

රුසියානු ජනාධිපතිවරයා විදේශ නායකයින් සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වනු ඇති අතර ඊට පෙර පෙළපාලියේ දී හමුදාව අමතා අදහස් දැක්වීය.

හමුදා උපකරණ සහිත රථ , යුද ටැංකි සහ බැලස්ටික් මිසයිල රතු චතුරශ්‍රය හරහා ගමන් කරන අතර මොස්කව්හි ප්‍රධාන ජයග්‍රාහී දින පෙළපාළිය එයින් විචිත්‍රවත් වනු ඇත.

කෙසේවෙතත්, ආරක්ෂිත ගැටළු නිසා මෙය මහජනතාවට විවෘත නොවන අතර අද (09) රුසියාවේ ප්‍රධාන රජයේ නිවාඩු දිනයක් බවට පත් කර තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය පවසන්නේ, යුක්‍රේනය සෙසු යුරෝපීයන් සමග මහාද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය දිනය සමරන බවයි.

විඩියෝ දර්ශන - The Independent Y-Tube Channel