ලෝක බලවතුන් ගත් තීරණයක් ගැන යුක්රේන ජනපතිගේ කනගාටුව..

By krishani Dec 04, 2022 05:43 AM GMT
Report

ජී හත සමුළුවේ රටවල් රුසියාවේ තෙල් මිල සීමා කිරීම ගැන ගත් තීරණය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සිය කනගාටුව පළ කර ඇත.

ඊයේ (03) ජී හත සමුළුව නියෝජනය කරන රාජ්‍ය නායකයන් තීරණය කළේ රුසියාවේ නිෂ්පාදිත බොරතෙල් බැරලයක් ඩොලර් 60 ක උපරිම මිල සීමාවක් යටතේ මිල දී ගැනීමටය.

කෙසේවෙතත් රුසියාවට විකල්ප වෙළඳපොලවල් ඇති බවත් එම තීරණය මගින් ප්‍රමාණවත් බලපෑමක් එල්ල කළ නොහැකි බවත් යුක්රේන ජනාධිපතිවරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join