ඊශ්‍රායල අමාත්‍යවරුන් 2ට එංගලන්තයෙන් තදම සම්බාධක!
By R.rishma
ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තය සම්බාධක පනවා ඇත.
එය පලස්තීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමේ චෝදනා යටතේය.
ඉටමාර් බෙන්ග්විර් සහ බෙසලෙල් ස්මොටි්‍රච් යන අමාත්‍යවරුන් දෙදෙනාට ඒ අනුව බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර ඇත.
එසේම, ඔවුන් සතුව එරට ඇති ඕනෑම වත්කමක් අත්හිටුවීමට මෙමඟින් හැකියාව ඇත.
මෙම තහනම ඕස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව සහ නවසීලන්තය සමඟ ඒකාබද්ධව සිදු කළ ක්‍රියාමාර්ගයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.