බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ප්‍රජාවට හදිසි සහනයක්- ලන්ඩන් සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹීමට යෝජනාවක්

By Kanchana Sep 18, 2026 03:55 AM GMT
Report

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ මන්ත්‍රී ගැරත් තෝමස්, ලන්ඩන් සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

“යාපනයට සෘජු ගුවන් ගමන් ගෙන එන්න” යන මැයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් උතුරු ශ්‍රී ලංකාව සමඟ පවුල් හා සංස්කෘතික සබඳතා පවත්වන බ්‍රිතාන්‍ය දෙමළ ජනතාවට යාපනය වෙත ගමන් කිරීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා පෙන්වා දෙයි.

හැරෝ වෙස්ට් මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරන ගැරත් තෝමස් පෙන්වා දෙන්නේ ලන්ඩන් සහ යාපනය අතර මේ වන විට සෘජු ගුවන් සේවාවක් නොමැති බැවින් මගීන්ට කොළඹ හරහා ගමන් කිරීමට සිදුවන බවයි.

එමඟින් ඔවුන්ට කිලෝමීටර් 400කට ආසන්න අමතර දුරක් ගමන් කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි.

පෙත්සමේ දැක්වෙන පරිදි, කොළඹ සිට යාපනය දක්වා මාර්ගයෙන් හෝ දුම්රියෙන් ගමන් කිරීමට පැය හයකට හෝ හතකට ආසන්න කාලයක් ගත විය හැකිය.

විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන්, කුඩා දරුවන් සහ මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු හෝ වෙනත් වැදගත් පවුල් අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා මෙය අභියෝගයක් බව පෙත්සම පෙන්වා දෙයි.

යෝජිත සෘජු ගුවන් සේවාවක් මඟින් ගමන් කාලය අඩු කිරීම සහ යාපනය වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම මෙන්ම එක්සත් රාජධානිය සහ උතුරු ශ්‍රී ලංකාව අතර පවතින පවුල්, සංස්කෘතික හා ප්‍රජා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. එ

මෙන්ම, එවැනි ගුවන් සම්බන්ධතාවයක් හරහා උතුරු පළාතේ සංචාරක, ආයෝජන සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ද ප්‍රතිලාභ සැලසිය හැකි බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය

''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය

ලන්ඩන් සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර වාණිජමය වශයෙන් ශක්‍ය සෘජු ගුවන් සේවාවක් පිළිබඳව සොයා බැලීමට සහ එය ක්‍රියාත්මක කිරීමට සහාය වන ලෙස තෝමස් එක්සත් රාජධානියේ රජයෙන්, ශ්‍රී ලංකා බලධාරීන්ගෙන්, ගුවන් සමාගම්වලින් සහ ලන්ඩන් ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

යෝජිත සෘජු ගුවන් සම්බන්ධතාවය ස්ථාපිත කිරීමේ උත්සාහයට සහාය දැක්වීම සඳහා පෙත්සමට අත්සන් කරන ලෙසද එම ව්‍යාපාරය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන

“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන