බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂයට දැඩි පරාජයක්

Report

බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂය ප්‍රබල පරාජයකට පත්ව ඇත.

 බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් කම්කරු පක්ෂය නියෝජනය කරන අතර මෙම පරාජයෙන් අග්‍රාමාත්‍යවරයා දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි වාර්තා වේ.

එංගලන්තයේ,ස්කොට්ලන්තයේ හා වේල්සයේ සමස්ත ප්‍රතිඵලවලට අනුව පාලක කම්කරු පක්ෂය දැඩි පරාජයක් හිමිකර ගෙන ඇත.

වසර 27ක් පුරා වේල්සයේ බලය හිමිකර ගත් කම්කරු පක්ෂය මෙලෙස පරාජයට පත්වීම පිළිබදව විදෙස් මාධ්‍ය තුළ විශේෂ කතා බහක් මතුව තිබේ.

අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පවසන්නේ තමන් ධුරයෙන් ඉවත් නොවන බවත් පාලනය ගෙන යාම සඳහා තමන්ට කැබිනට් මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිවන බවයි .

ලෝක වෙළඳ සංවිධානයේ ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කරයි

ලෝක වෙළඳ සංවිධානයේ ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කරයි