නාමල්ට තද වෙයි මූණ දෙක වෙයි! ප්‍රවීණයන්ට වැටුණු සම්බාධකවලට නාමල්ගෙන් දැඩි විවේචනයක් (VIDEO)
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනයන් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එක්සත් රාජධානිය විසින් ඊයේ (24) සම්බාධක පනවා ඇති බවට ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ X සටහනක් තබා ඇත.
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ LTTE ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ කරුණා අම්මාන් ඇතුළු පිරිසකට එක්සත් රාජධානිය මෙම සම්බාධක පනවා ඇති අතර, නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජය කළ පළමු ජාතිය ශ්‍රී ලංකාව වුවත්, බටහිර රටවල් එල්.ටී.ටී.ඊ.යේ අමානුෂික ක්‍රියාවන්ට මුදල් සපයමින් සහ ඒවා සාධාරණීකරණය කළ පුද්ගලයන් නොසලකා හරිමින්, අපේ යුද වීරයන්ට එරෙහිව තෝරා බේරා කටයුතු කිරීම අඛණ්ඩව සිදු කරන බවයි.
එක්සත් රාජධානියේ මෙම නවතම සම්බාධක මානව හිමිකම් පිළිබඳව නොවන බවත්, ඒවා එල්.ටී.ටී.ඊ.යේ සහය ඇතිව අඛණ්ඩව බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් බවත්, දිගුකාලීන සාමය ගෙන ආ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීමට විදේශ රජයන් යොදවන උපක්‍රමයක් බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඔහු සිය X සටහනේ වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි;
Sri Lanka was the first nation to fully defeat terrorism, yet the West continues to selectively target our war veterans while ignoring those who funded and justified LTTE brutality. The latest UK sanctions aren’t about human rights—they’re the result of relentless LTTE-backed…
— Namal Rajapaksa (@RajapaksaNamal) March 25, 2025
"මෙය යුක්තියක් නොවේ. මූල්‍යමය බලපෑම් කිරීමේ වරප්‍රසාද භුක්ති විඳින බටහිර දේශපාලනඥයන් සමහරෙක් අපේ ජාතියේ සංහිඳියාව අනතුරේ හෙළමින් සිටිනවා. අද අප භුක්ති විඳින නිදහස ලබාගත්තේ දැඩි තීරණ හරහා බව උතුරේ සහ දකුණේ ජනතාව වටහා ගත යුතුයි.
මෙම සම්බාධක අපේ හමුදාව අධෛර්යමත් කරනු ඇති අතර, යළිත් අර්බුදයක් ඇති වුවහොත්, අපි දැන් ඔවුන්ට සහය නොදුන්නොත්, ඔවුන්ට සටන් කිරීමට ධෛර්යයක් නොලැබෙන්න පුළුවන්. මෙම සම්බාධක පිටුපස සිටින අය දෙමළ ප්‍රජාවේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් නැහැ.
ඔවුන් තවත් ගැටලු ඇති කරමින් සංහිඳියාව විනාශ කිරීමට උත්සාහ කරනවා. උතුරු සහ නැගෙනහිර දෙමළ ප්‍රජාවට දැන් ජාතික පක්ෂවලට ඡන්දය දීමේ පැහැදිලි අවකාශයක් තිබෙන නිසා, ලබා ඇති ප්‍රගතිය විනාශ කිරීම ඔවුන්ගේ සැබෑ අරමුණයි. ප්‍රජාවන් අතර සංහිඳියාව බිඳ දැමීමට අපි කිසිවිටෙක කිසිවෙකුට ඉඩ නොතබනවා.
මම නැවතත් අවධාරණය කරනවා, ‘යුද්ධය’ එල්ල වුණේ ත්‍රස්තවාදයට එරෙහිවයි, කිසිදු ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව නෙවෙයි. සමහර දෙමළ දේශපාලනඥයන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීමේ න්‍යාය පත්‍රයකට යටත් නොවන ලෙස මම දෙමළ ප්‍රජාවෙන් ඉල්ලනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විජිත හේරත්; ඔබේ රජය බලයට ආවේ අපේ හමුදාවේ කැපකිරීම් අවතක්සේරු කළ අයගේ සහය ඇතිවයි.
ශ්‍රී ලංකාවට සාමය ගෙන ආ අයව ඔබ දැන් ආරක්ෂා කරනවාද, නැතිනම් නිහඬව ඉන්නවාද? අපි සෑම විටම අපේ යුද වීරයන් ආරක්ෂා කරනවා. මේ මොහොතේත්, සදාකාලිකවත්. ඔවුන්ගේ කැපවීම අපේ සාමය තහවුරු කළා. ඔවුන්ගේ උරුමය අඩපණ කිරීමට අපි කිසිවිටෙක කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ."
