පාසලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 40ක් ජීවිතක්ෂයට (විදෙස්)

By Sithumi Jun 17, 2023 01:28 PM GMT
Report

ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් බටහිර උගන්ඩාවේ පාසලකට එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ප්‍රහාරයෙන් මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් 8දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි එම පාසලට රාත්‍රී කාලයේ කඩා වැදී එම ප්‍රහාරය සිදුකර තිබුණි.

එම පාසලේ සිසුන් 60දෙනෙකු පමණ නේවාසිකව රැඳීසිටි ඇති අතර පාසල් සිසුවියන් ඇතුළු පිරිසක් කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව සඳහන්ය.

ප්‍රහාරයෙන් අනතුරුව කැරලිකරුවන් විසින් පාසල් ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.