ළමයි තිදෙනෙකුට දිවි අහිමි කරමින්, පන්ති කාමරයකට කඩා වැදුණු ලොරි රථය..
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උගන්ඩාවේ කම්පාලා අගනුවර පාසැලක පන්ති කාමරයකට ලොරියක් කඩා වැදීමෙන් සිසුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි.
එමෙන්ම,එහි ඉගෙනුම ලබන සිසුන් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උගන්ඩා පොලිසිය පවසන්නේ ලොරි රථයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙයට හේතුව බවයි.
පාසැලේ පරිගණක විද්‍යාගාරයට ලොරි රථය කඩා වැදී ඇති අතර 26 හැවිරිදි පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සතියක කාලයකට පාසැල වසා දමා සිසුන් නිවෙස්වලට යවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |