සිරිපා වන්ඳනා සමය ඇරඹෙන උඳුවප් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..
By Aruna
වර්ෂයේ අවසාන පොහෝ දිනය වන උඳුවප් පොහෝ දිනය අදට යේදී තිබෙනවා.
ශාසනික සහ ආගමික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මෙම උඳුවප් පොහොය ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් දිනයක්.
බෞද්ධ ජනයාට ඉතා වැදගත් වන ශ්‍රී පාද සමය සෑම වසරකම ආරම්භ වන්නේ ද අද වැනි උඳුවප් පුර පසලොස්වක් පොහෝ දිනයකදීයි.
අද වැනි උඳුවප් පෝ දිනෙක දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබුවා.
අනුලා දේවිය ඇතුළු සෝවාන් ඵල ලැබ සිටි කාන්තාවන් පිරිසක් පැවිදි බවට පත්කර ලක්දිව මෙහෙණි සස්න පිහිටවනු ලැබුවේ ද අද වැනි උඳුවප් පුර පොහෝ දිනක වීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |