ටයිටැනික් නෞකාව ආසන්නයෙන් හමුවුණු භයානකම දේ...

By Sithumi Jun 22, 2023 05:06 PM GMT
Report

ගිලී ගිය ටයිටැනික් නෞකාව රැඳී ඇති මුහුදු පත්ල ආසන්නයේ යම් යාත්‍රාවක සුන්බුන් තිබී හමුවූ බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසනවා.

ඉන් ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කර එම යාත්‍රා සුන්බුන් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධනවතුන් ඇතුළු පස්දෙනකු සමග අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.50ට පමණ අවසන් වී ඇතැයි මේ වනවිට උපකල්පනය කර තිබෙනවා.

අමරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක සහයෝගයෙන් ක්‍රියාත්මක මෙහෙයුම් මුහුදේ කිලෝමීටර හතරක් ගැඹුරට දියත් කර ඇතත් මෙතෙක් සබ්මැරීනය පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැහැ මගීන් 5දෙනෙකු රැගත් කුඩා ප්‍රමාණයේ ටයිටන් සබ්මැරීනය සමඟ පෝලාර් ප්‍රින්ස් (POLAR PRINCE) නෞකාව පසුගිය ඉරිදා ගමන් ආරම්භ කළේ නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වරායෙන් වන අතර ඒ අත්ලාන්තික් සාගර පත්ලේ මිටර් 3,800 ක් ගැඹුරේ ගිලී පවතින ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය සඳහායි.

  එහෙත් ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45ක් ගතවෙත්ම යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටුණේ, ලොව රටවල් රැසක් එක්ව ක්‍රියාත්මක කරන දැවැන්ත නාවුක මෙහෙයුමකට පසුබිම සකස් කරමින්.