මෙරට වෙරළකින් ට්‍රැක්ටර් 02ක් මතුවෙයි..සිදුවූ අරුම පුදුම දේ මෙන්න(PHOTOS)
මුලතිව් පුදුමාතලන් වෙරළෙන් මතුවූ ට්‍රෑක්ටරය තිබු ස්ථානයේ මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කැනීම් ආරම්භ කල බවට මුලතිව් පොලීසිය පැවසීය.
එම ට්‍රෑක්ටර් රථයේ කොටස් පසුගිය 08 දා වෙරළෙන් මතුව තිබිදී ධිවරයෝ පිරිසක් දැක ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව මුලතිව් පොලීසිය විසින් ඒ පිළිබඳව මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් මත මුලතිව් පොලීසිය, ප්‍රදේශභාර ග්‍රාම නිලධාරී වරයා ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පස්කපන යන්ත්‍ර දෙකක අධාරයෙන් කැනීම කටයුතු සිදුවිය.
එහිදී මෙම ස්ථානයේ වළ දමා තිබු ට්‍රෑක්ටර් රථ දෙකක කොටස් හමුවී ඇති අතර යුද සමයේ මේවා මෙම ස්ථානයේ කොටි ත්‍රස්ත සංවිධානය විසින් වළ දමා යන්නට ඇති බවට සැක කෙරෙන අතර අදාල ට්‍රැක්කටර වල කොටස් වලට අමතරව කිසිවක් මෙතෙක් හමු නොවී ඇති බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


