බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු කොටු

Report

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ටිංසිංවත්ත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනුයේ අවුරුදු 29 හා 43 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය විසින් තවදුරටත් විමර්ශන සිදු ක‍රනු ලබයි.  

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න මහානායක හිමිවරු ඉල්ලයි

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න මහානායක හිමිවරු ඉල්ලයි