කෙහෙලියගේ නඩුවකට සම්බන්ධ දෙදෙනෙකුට ඇප
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නීතී විරෝධී ලෙස උපයා ගත් බව කියන රුපියල් කෝටි 74 කට අධික මුදලක් විශුද්ධිකරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකුවන නිමල් සිසිර කුමාර සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාතියකු වන බණ්ඩාර රඹුක්වැල්ල යන අය ඇප මත මුදා හරින ලෙස අද (10) නියෝග කර තිබේ.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය. මෙම නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකාර නිමල් සිසිර කුමාර නමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැයක පමණ කාලයක් රහස් ප්‍රකාශයක් ලබා දී ඇති බවට ද සඳහන් වේ.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් නියෝග කර ඇති බව සඳහන්.