ජල රකුසා තවත් ජිවිත දෙකක් බිලි ගනී..

Sri Lanka Police Sri Lanka Malaysia Death
By Piyumika Jun 26, 2024 05:30 AM GMT
Piyumika

Piyumika

Report

උනවටුන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත .

හබරාදූව පොලීසිය සඳහන් කළේ, මෙම විදෙස් ජාතිකයා ඊයේ (25) සවස් කාලයේ දියනාමින් සිටියදී දිය වැලකට හසු වී ගසා ගෙන ගොස් ඇති බවය.

කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ඔහු වෙරළෙන් ගොඩට ගෙන ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ . මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 61 හැවිරිදි මැලේසියානු ජාතිකයෙකි.

නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..

නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..


මේ අතර වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර ප්‍රදේශයේ ඩී ඇළේ දිය නෑමට ගිය කාන්තාවක් දියේ ගිලී මිය ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රී කාලයේ මෙම කාන්තාව දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරනුයේ .

උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු ගොඩනැගිලකට ගිනි තබයි..(VIDEO)

උද්ඝෝෂකයින් පාර්ලිමේන්තු ගොඩනැගිලකට ගිනි තබයි..(VIDEO)

මෙලෙස මියගොස් ඇත්තේ, අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවකි.