හිටපු සභාපතිට තර්ජනය කළ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට.

Report

ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනක රත්නායක මහතා තමන්ට දුරකථනයෙන් මරණ තර්ජනය කර ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබාගැනීමක් සම්බන්ධයෙන් කිරුළපන පොලීසියට පසුගියදා පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට නේවාසික පහසුකම් ලබාදුන් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 38 සහ 40 යන වයස් වල පසුවන්නන් වනවා.