චෙක් නිදහස් කිරීමට අල්ලස්

Report

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන ගණකාධිවරයෙකු සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහලේ රෙදි සේදීමේ කොන්ත්‍රාත්තුවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන්, ඔහුට හිමිවිය යුතු මුදල් චෙක්පතක් නිදහස් කිරීම සඳහා මෙම සැකකරුවන් මුදල් ඉල්ලා තිබූ බව වාර්තා වේ.

මෙම වැටලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකර ඇති අතර, රුපියල් 30,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

වෙරළ තීරය ගිනි ජාලාවක් වෙයි - නිවාස 200ක් අළුවෙයි!

වෙරළ තීරය ගිනි ජාලාවක් වෙයි - නිවාස 200ක් අළුවෙයි!

බල්ගේරියාව හොල්ලන දැවැන්ත දේශපාලන පෙරළිය - අටවන වරටත් බල්ගේරියානුවන් මැතිවරණයකට යයි

බල්ගේරියාව හොල්ලන දැවැන්ත දේශපාලන පෙරළිය - අටවන වරටත් බල්ගේරියානුවන් මැතිවරණයකට යයි