නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නම් කෙරේ..
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව සඳහන්ය.
නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් එම ලිපිය ජනාධිපතිවරයා භාරගෙන නොමැති බව වාර්තා වුණි.
ඉන් අනතුරුව රංජිත් සියඹලාපිටිය මහතා පසුව දැනුම් දුන්නේ තමා තවදුරටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු නො කරන බවය.
ඒ අනුව එළඹෙන මැයි මස 4 වනදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී පාර්ලිමේන්තුවේ පළමු කාර්යභාරය වන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කිරීම බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |