ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුට නිදහස.
By Hashini
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ හමාස් සටන්කරුවන් විසින් තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බවයි.
ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස නිදහස් කර තිබෙනවා.
ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඊජිප්තු හා කටාර් බලධාරීන් මැදිහත්වී තිබෙනවා.
නිදහස් කර ගනු ලැබූවේ 79 හැවිරිදි වියේ සහ 85 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකි.
මීට පෙරද හමාස් සටන්කාමින් විසින් ඇමරිකානුවන් දෙදෙනෙක් ද මුදා හැර තිබෙනවා.