මගනැගුම හිටපු නිලධාරීන් දෙදෙනෙකු තවදුරටත් රිමාන්ඩ්
මගනැගුම ආයතනයේ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද එහි හිටපු නිලධාරින් දෙදෙනෙකු ලබන මස 03වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) මගින් අත්අඩංගුවට ගන්නා ලද මගනැගුම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකර ඇත.
2012 වසර සහ 2015 වසර අතර කාලසීමාව තුළ ව්‍යාජ ලෙස ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරමින් රජය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සඳහා ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර මෙම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
එහිදී සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළ අතර ඒ අනුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය, සැකකරුවන් ලබන 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
