සුද්දා එක්ක පැනගිහින් ගංගාවකුත් තරණය කර කැලෑවක හැන්ගිලා ඉද්දී මාට්ටු..

Sri Lanka Police Sri Lanka Prisons in Sri Lanka Prison
By Piyumika Jul 02, 2024 01:56 AM GMT
Piyumika

Piyumika

Report

අධිකරණයෙන් සිරදඬුවම් හිමිවූ සැකකරුවන් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පළාගොස් මොරගහහේන ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත් මාංචු ද සමගින් සොරාගත් යතුරුපැදියකින් කිලෝමීටර් 65ක පමණ දුරක් පළාගොස් ඇති අතර කිලෝමීටර් 6ක් පමණ දුරක් ගංගාවක්ද තරණය කර කැලෑවක සැඟව සිටියදී පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

අද දින මේ ලග්නවල අය ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..

අද දින මේ ලග්නවල අය ඉතාමත් ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරන්න..

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනුපල, ඔලබොඩුව හන්දිය, ජාතික තරුණ සේවා මාවතේ පදිංචි රොෂාන් අසංක නොහොත් "සුද්දා" නමැති 29 හැවිරිදි රැඳවියෙකි.

සොරා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

අනෙක් රඳවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය 30 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

වරකාපොළ, පොලිස් බලප්‍රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් වරකපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව බන්ධනාගාරගත කර තිබුණි.

හිසට පහරදී පියා ඝාතනය කල මාර පුත්‍රයා..

හිසට පහරදී පියා ඝාතනය කල මාර පුත්‍රයා..

ඉකුත් 28 වනදා රැඳවියන් දෙදෙනා වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට යළි ඉදිරිපත් කිරීම සඳහා කුරුවිට බන්ධනාගාරයේ සිට එහි නිලධාරීන් බන්ධනාගාරයට අයත් බස් රථයකින් රැගෙන විත් අධිකරණ සිරමැදිරිය කරා රැගෙන ගිය අවස්ථාවේදී රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබුණි.

සුද්දා එක්ක පැනගිහින් ගංගාවකුත් තරණය කර කැලෑවක හැන්ගිලා ඉද්දී මාට්ටු.. | Two Escaped Prisoners Arrested