දෙයියනේ උසම කන්දක් නගින්න ගිය දෙන්නෙක් නොයන ගමන් යයි - තිදෙනෙක් අතුරුදහන්
නවසීලන්තයේ උසම කඳු මුදුනක් නැගීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුවූයේ, මීටර් 3,724ක් උස ඇති කඳු මුදුනට නැගීමට උත්සාහ කළ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිටි දෙදෙනෙකුටය.
අනෙක් පුද්ගලයින් දෙදෙනා හෙලිකොප්ටරයක් ආධාරයෙන් මුදාගැනීමට ආපදා අංශ සමත්ව ඇත. මියගිය කඳු නගින්නන්ගේ මළ සිරුරු, කඳු නැගීමේ පටි මඟින් සම්බන්ධ වී තිබියදී සොයාගෙන තිබේ.
විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ, විශාල ඉරිතැලීම් සහ අනපේක්ෂිත කාලගුණ තත්ත්වයන් නිසා, පළපුරුදු කඳු නගින්නන්ට පවා මෙම කඳු මුදුනට නැගීම දුෂ්කර බවයි.
මියගිය අයගෙන් එක් අයෙකු ජාත්‍යන්තරව පිළිගත් කඳු නැගීමේ මාර්ගෝපදේශකයෙකු බවත් වාර්තා වේ.
ඒ වගේම වසරකට පමණ පෙර, අමෙරිකාවෙන් සහ කැනඩාවෙන් පැමිණි කඳු නගින්නන් තිදෙනෙකුද මෙහිදී අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.