වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මරුට
ටෙක්සාස්හි හූස්ටන් උපනගරයේ ඇන්ග්ල්ටන් ප්‍රදේශය අසල අලුයම සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.
වෙඩි තැබීම පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 13 සහ 4 යන වයස්වල ළමුන් දෙදෙනෙකු මාරාන්තික ලෙස වෙඩි තබා මරා දමා ඇති බව සොයා ගත් බව බ්‍රසෝරියා ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය ෆේස්බුක් සටහනක් මගින් සඳහන් කර ඇත.
වයස අවුරුදු 8 සහ 9 අතර තවත් ළමුන් දෙදෙනෙකු ද තුවාල ලබා වෛද්‍ය හෙලිකොප්ටරයකින් රෝහලකට ගෙන යන ලද අතර ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බව සදහන්.
වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාව සහ දරුවන් අතර ඇති සම්බන්ධය තහවුරු කර ගැනීමට විමර්ශකයින් කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.