ප්‍රදේශ දෙකකින් තවත් ළමා මරණ දෙකක්..

Sri Lanka Police Kilinochchi Sri Lanka Death
By Piyumika Jun 30, 2024 04:09 AM GMT
Piyumika

Piyumika

Report

දරුවන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කරයි.මෙම මරණ දෙක ස්ථාන දෙකකින් වර්තා වී තිබේ.

කඳාන උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිනුම් තටාකයක සහ කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටියදී දරුවන් දෙදෙනා දියේ ගිලී ඇත.

මහරගම පිහි ඇනුමකින් අයෙක්ට බරපතලයි..සැකකරු එම මොහොතේදීම අත්අඩංගුවට..

මහරගම පිහි ඇනුමකින් අයෙක්ට බරපතලයි..සැකකරු එම මොහොතේදීම අත්අඩංගුවට..

කඳාන පිහිනුම් තටාකයේ ගිලි මියගොස් ඇත්තේ අවුරුදු පහක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවකි.

මියගිය දරුවා තවත් දරුවන් කීපදෙනෙකු සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති අතර එහිදී දරුවා දියේ ගිලි ඇති බවයි පොලිසිය සදහන් කරනුයේ .

දියේ ගිලුණු දරුවා පියා විසින් දරුවා ජාඇල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් පසු මියගොස් ඇත.

යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

 මාන්කුලම්, ඉරණමඩු ජලාශයේ දිය නෑමට ගොස් සිටි සිසුන් 05 දෙනෙකුගෙන් එක් සිසුවෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.

අතුරුදන් වී සිටින සිසුවා තිරුමුරුකණ්ඩි, මාන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි සිසුවෙකි.

මේ වන විට පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ