පාසලක සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙක් මිය යයි - [Photos]

By Dhananjaya Dec 07, 2023 02:17 PM GMT
Report

රුසියාවේ පාසලක 14 හැවිරිදි සිසුවියක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

පාසලක සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙක් මිය යයි -  | Two Children Die In School Shooting In Russia

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර ඇති එම සිසුවිය පසුව වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. ඒසේම සිය පියාට අයත් ගිනි අවියක් අදාළ සිසුවිය විසින් පාසලට රැගෙනවිත් ඇති බව රුසියානු විමර්ශන අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් සිසුවෙකු එහිදී මියගොස් ඇති අතර තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


Gallery