ඉන්ධන අර්බුදයට ඉඩක් ද? - කැරිබියානු මුහුදේ යුද නැව් ගැටුමක්

Report

කැරිබියානු මුහුදේ ඉන්ධන පිරවීමේ මෙහෙයුමක් අතරතුර ඇමෙරිකානු නාවික හමුදාවේ යුද නැව් දෙකක් එකිනෙකට ගැටී අනතුරක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරට ලක්ව ඇත්තේ USS Tucson නමැති ප්‍රහාරක නාවික නෞකාව සහ USNS Big Horn නමැති ඉන්ධන සැපයුම් නෞකාවයි. වාර්තා අනුව, ඉන්ධන පිරවීම සඳහා සමීපව ගමන් කරමින් සිටියදී මෙම ගැටීම සිදුව ඇති අතර, අනතුරින් නාවික සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් වේ.

අනතුරින් නෞකා දෙකටම බරපතල හානි සිදුව නොමැති බවත්, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.